යලි පාසල් ආරම්භය පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්.

Education
By Thaya Mar 08, 2021 05:42 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී තිබෙන දිවයිනේ සෙසු පළාත්වල පාසැල් සුපුරුදු පිරිදි මෙම මස 15 වෙනිදා යලි ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. සියලු රජයේ පාසැල් සහ රජයේ අනුමත පාසැල් 2021 වර්ෂයේ පළමු පාසැල් වාරය ඉකුත් පෙබරවාරි මස 25 වෙනිදා අවසන් වුවා. දෙවන පාසැල් වාරය මාර්තු මස 15 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ReeCha