ඉන්දියානු කොරෝනා ප්‍රභේදයේ සමාජ ව්‍යාප්තිය ගැන හමුදාපති ගෙන් දැනුම් දීමක්.

Covid India Corona Sri lanka Shavendra silva
By Aruna May 10, 2021 04:35 AM GMT
Aruna

Aruna

Report

 ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ නමුත් එය සමාජය වෙත ව්‍යාප්ත නොවන ආකාරයට නිරෝධායන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

මෙරටට පැමිණෙන ඉන්දියානුවන් ඇතුළු සියලුම පුද්ගලයන් සමාජයට එකතු වන්නේ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර බවද හෙතෙම පෙන්වා දෙන්නේය.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

පසුගිය මාසයේ දී ඉන්දියානුවන් 680ක් මෙරටට පැමිණ ඇත්තේද නිරෝධායන ක්‍රමවේදයන් යටතේ බව හෙතෙම පෙන්වා දෙයි.

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙන මාර්ග පවා නාවික හමුදාව මේ වන විටත් ආවරණය කරමින් පවතින බවද ඔහු කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now