පහරදීමක් සම්බන්ධයෙන් නෝ(ර්)වුඩ් ප්‍රා ස සභාපති අත්අඩංගුවට

Arrest
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Report

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෝ(ර්)වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.