පොදුජන පෙරමුණෙන් නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙලා නැහැ

Injustice
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අසාධාරණයක් සිදුව නැතැයි පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යම් ගැටලූ ඇතිනම් අභ්‍යන්තර සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගත යුතු බවයි.

නිදහස් පක්ෂයට විවිධ අසාධාරණකම් සිදුවන බවට එහි නියෝජිතයන් කල ප්‍රකාශවලට පිළිතුරු දෙමින් ජී එල් පීරිස් මහතා මේ බව සඳහන් කලා.