කතුන්-තරුණියන් ‘බ්ලැක්මේල්’ කළොත් ගැලවීමක් නෑ – මහජන ආරක්ෂක ඇමැති

Women Minister
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

කාන්තාවන්, තරුණියන් බ්ලැක්මේල් (ත්‍රාසාත්ග්‍රහණය) සිදු කරන්නන්, පාතාල ක්‍රියාකාරින්, කප්පම් ලබා ගන්නන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා. තරුණියන් බ්ලැක්මේල් කරනන්නන් සම්බන්ධයෙන් සහ කප්පම්කරුවන් සම්බන්ධයෙන් දුරකතන අංක 118ත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරැව්කරුන් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් දුරකතන අංක 1997 දැනුම් දෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේ. බත්තරමුල්ල අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙලෙස ලබාදෙන තොරතුරු අතිශය රහසිගතව තබා ගන්නා බවට සහතික වන බවත් සමාජය පිරිසුදු කිරීමට නම් මේ තොරතුරු දෙන ලෙසත් මෙලෙස ක්‍රියා කරන්නන්ගෙන් එසේ කිරීම නවතා දමන ලෙසත් ඉල්ලා සිටියා. ගැහැනු ළමයෙක් සමඟ යාළුවෙනවා. ඒ ළමයා කොහාට හරි එක්ක යනවා. ඒ ළමයා ජීවත්ව සිටින තාක් බ්‍ලැක්මේල් කරමින් මුදල් ගන්නවා. පෙරේදා මෙලෙස ගැහැනු ළමයෙක් බ්ලැක්මේල් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුට ගැලවීමක් නැහැ. මේ වගේ දේවල්වලට මුහුණු දී සිටින තරුණියන් විවාහක කාන්තාවන් වුවත් දැනුම් දෙන්න බිය විය යුතු නැහැ. මේ අය ආරක්ෂා කරන්න අපි දැඩිව ක්‍රියා කරනවා. මෙලෙස සිදු කරන අය සම්බන්ධයෙන් දුරකතන අංක 118 කතා කරන ලෙස මෙරට සියලුම කාන්තාවන්ට දැනුම් දුන් ඇමැතිවරයා එලෙස සිදු කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියා කරනවා යැයිද අමාත්‍යවරයා කියා සිටියා .

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරැව්කරුවන් අලෙවි කරන්නන් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියා කරන බව කියා සිටි ඒ මහතා 1997ට දැනුම් දෙන ලෙසත් රටේ සංවර්ධනයට අවශ්‍ය පාසල් සිසුන් තරුණ ප්‍රජාව බේරා ගැනීමට වැටලීම් කරන බවත් සෑම ස්ථරයකම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරින් පත් කර තිබෙන බවත් කියා සිටියේ. පාතාල ක්‍රියාකරුවන්ටද තමන්ගේ අවි භාරදෙන ලෙස දැනුම් දෙන ඇමැති වීරසේකර මහතා නඩුවලින් නිදහස් කරන ලෙස පැවැසීමට නොහැකි බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් කියා සිටියේය. පාතාල ක්‍රියාකරුවන් මේ වනවිටත් මර්දනය කර තිබෙනවා. ඉදිරියේදී මෙවැනි අය අත්අඩංගුවට ගැනීමට පුළුල් ජාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා.ලෝකයේ සිටි දරුණුම ත්‍රස්ත සංවිධානය විනාශ කළ අපේ රටේ හමුදාවට අවියක් දෙකක් තබා ගන්නා පුද්ගලයන් එතරම් දෙයක් නොවන බවත් ඔවුන්ට එරෙහිවත් දැඩි පියවර ගන්නා බවත් කියා සිටියා.

කප්පම් ඉල්ලීම සහ දීම වරදක් බවත් ඒ සම්බන්ධයෙනුත් පැමිණිලි තිබේනම් 118 දැනුම් දෙන ලෙසත් කියා සිටියේය. අහිංසක ලෙස සාධාරණව මුදල් හම්බ කරන පුද්ගලයන්ගෙන් මුදල් කප්පම් ලෙස ගැනීම වරදක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කප්පම් දිය යුතු නැතැයිද කියා සිටියා.