මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටුමෙන් දහනව හැවිරිදි තරුණයා පිහි පහරින් මරුට

Police
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Report

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ දී ගෙලට පිහියකින් ඇන 19 හැවිරිදි තරුණයෙක් ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (18) මරණකරු සහ සැකකරු අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබේ. අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වියදම් කළ මුදලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතුවී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.