රෝහලේ දී මෘත ශරීර දෙකක් මාරුවීමෙන් උණුසුම් තත්ත්වයක්(VIDEO)

police relatives nikavaratiya ladies death body mahava
By Sewvandhi May 01, 2021 05:38 AM GMT
Report

කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මුලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ සහ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර එලෙස මාරු වී ඇත.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත රෝහලෙන් භාර දී තිබේ. ඒ අනුව ඔවුන් මෘත ශරීරය මහව ප්‍රදේශයේ ආදාහනාගාරයක ට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇතැයි වාර්තාකරු පැවසීය.

නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව දැනගැනීමෙන් පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ. එහිදී අදහස් දැක්වු මියගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවගේ මුණුබුරා,

“මගේ කිරිඅම්මා තමා නැති වුණේ. එයාට අංශභාගේ තිබුණා. අසනීප වෙලා නිකවැරටිය රෝහලට අරන් ආවා. පෙරේදා හවස අරන් ආවේ. කුරුණෑගලට යවලා පීසීආර් කරා. බොඩි එක ගන්න රෝහලට ආවා. මෝචරියට ගිහින් බැලුවා එතෙන සිරුරු කිහිපයක් තිබුණා. ඒත් කිරිඅම්මගේ බොඩි එක තිබුණේ නෑ. බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ.“

මේ පිළිබඳ රෝහලෙන් නිසි පිළිතුරක් නොලැබුණ බවට ඔවුන් චෝදනා කර සිටින අතර, නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර බව ඔවුන් පැවසීය

. මේ අතර රෝහලේ සිටි හෙද නිලධාරීනියක් එම ස්ථානයට පැමිණ පවසා සිටියේ ඉහළ බලධාරීන් විසින් මේ පිළිබඳ තීරණයක් ලබාදෙන තුරු තමාට කිසිවක් පැවසිය නොහැකි බවය.


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now