අලුත් අවුරුදු සැමරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

New Year
By Thaya Apr 03, 2021 08:05 PM GMT
Report

තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා.අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් ක්‍රීඩා අංග පමණක් එක් කර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහජනතාවට දැනුම් දී සිටියි.මීට අමතරව අලුත් අවුරුදු සාප්පු සවාරි යාමේදී අනුගමනය කළ යුතු උපදෙස් ද නව මාර්ගොපදේශ මාලාවේ සඳහන් කර ඇත


GalleryGalleryGalleryGalleryGallery