රංජන් ගෙන් හිස්වන මන්ත්‍රීධූරයට පත් කරන්න යන නව මන්ත්‍රී මෙන්න.

Parliament Ranjan Ramanayake A Mannapperuma
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Thaya

Thaya

Report

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගී ජනබල වේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා මනාප ලයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගී ජනබල වේගය පක්ෂයට මන්ත්‍රී ආසන 04ක් හිමිවූ අතර ඉන් වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමණායක මන්ත්‍රීවරයායි.