බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මාරාන්තික බවට හෙළිවෙයි

Covid Britain
By Thaya Feb 15, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය පෙර වාර්තා වුවාට වඩා භයානක වෛරස් ප්‍රභේදයක් බවට එරට විද්‍යාඥයින් විසින් කරුණු පළකර සිටිනවා.මෙම වෛරස ප්‍රභේදය අනෙක් කොවිඩ් ප්‍රභේදයන්ට සමගාමිව ව්‍යාප්ත වීමේ හැකියාව සීයයට 50 කින් ඉහළ බවට ඉකුත් මාසයේදී විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ.කෙසේ වුවත් නවතම දත්ත විශ්ලේෂණය අනුව මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින් මරණයට පත්වීමේ ප්‍රතිශතය ඉහළ බවයි විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත්තේ.මෙම නවතම දත්ත බ්‍රිතාන්‍යය රජය විසින් මෙතෙක් නිල වශයෙන් මුදා හැර නොමැති වුවත් ඔවුන්ගේ රජයේ වෙබ් අඩවියේ පළකර ඇති බවයි නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.