දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි

Country
By Thaya Jan 13, 2021 06:33 PM GMT
Report

ඡන්දෙ දීලා පත්කරගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පිහිටුවීමේ උත්සවය අමතමිනි.

කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බවත් මේ ආණ්ඩුව ඝන්ටාරය වත් නොගසා වෙන්දේසිය සිදුකරමින් ඇති බවත්ය.

මේ රටේ එක බිම් අඟලක් හෝ විකිණීමට ආණ්ඩුවට අයිතියක් නැති බවත් උන්වහන්සේ ආණ්ඩුවට අනතුරු අගවමින් කියා සිටියහ.

දැන් මේ සියලු දෙනා රට පාලනය කලා ඇති බවත් අලුත් පිරිසක් මේ රට භාර ගැනීමට සූදානම් විය යුතු බවත් උන් වහන්සේ තව දුරටත් පැවසූහ.