දිස්ත්‍රික් දෙකක නව කොරෝනා ආසාදිතයින් ඉහළ යයි...මහල් නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන් ඉවතට.

Corona
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මේ බව ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ් නව ආසාදිතයින් 403 දෙනෙකු ඊයේ (03) දිනය තුළ මෙරටින් වාර්තා වු අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු නොකළ පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අනුව සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 44,774 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 37,252කි.

කොවිඩ් - 19 ආසාදිතයින් 7,309 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වනවිට මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 213කි.

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය - 81

මහනුවර දිස්ත්‍රික්කය -56

ගම්පහ දිස්ත්‍රික්කය - 30

කළුතර දිස්ත්‍රික්කය - 27

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය -20

නුවරඑළිය දිස්ත්‍රික්කය - 18

අම්පාර දිස්ත්‍රික්කය -17

කෑගල්ල දිස්ත්‍රික්කය -17

කුරුණෑගල දිස්ත්‍රික්කය -14

රත්නපුර දිස්ත්‍රික්කය -14

මඩකලපුව දිස්ත්‍රික්කය -06

ගාල්ල දිස්ත්‍රික්කය - 04

යාපනය දිස්ත්‍රික්කය - 04

මාතර දිස්ත්‍රික්කය - 03

මාතලේ දිස්ත්‍රික්කය -02

පුත්තලම දිස්ත්‍රික්කය - 01

හම්බන්තොට දිස්ත්‍රික්කය - 01

මොනරාගල දිස්ත්‍රික්කය - 01

අනුරාධපුර දිස්ත්‍රික්කය - 01

කිළිනොච්චි දිස්ත්‍රික්කය - 01