හාල් මිල ඉහළට? ඇමතිගෙන් ප්‍රකාශයක්

By Akash Mar 20, 2025 03:28 AM GMT
Report

ශ්‍රී ලංකාව තුළ මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

මෙට්‍රික්ටොන් මිලියන දෙකයි දශම නවයක්  මෙවර මහා කන්නයෙන් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට‍්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවද හෙතෙම පැවසුවා.

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය හෙළිකරපු හර්ෂ!

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය හෙළිකරපු හර්ෂ!

රට තුළ පැවතිි අයහපත්කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බවද හෙතෙම කියා සිටියා.

යම් හෙයකින් මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

කෙහෙළිය බැංකුවෙන් සල්ලි ගන්න ඉල්ලයි! උසාවිය බෑ කියයි

කෙහෙළිය බැංකුවෙන් සල්ලි ගන්න ඉල්ලයි! උසාවිය බෑ කියයි

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.