රංගජීව වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු කල "නවාස් " කෝටි දහසක හෙරොයින් සමග තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Arrest
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් උපක‍්‍රමශීලීව පිළියන්දල ප‍්‍රදේශයේ දී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු කර ඉන්දියාවට පැන ගිය එම්.එම්.එම්. නවාස් නමැත්තා සහ තවත් පුද්ගලයකු රුපියල් කෝටි දහසක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් සියයක් ද සමගින් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ඔත්තුකරුවකු ලෙස පෙනී සිටි මෙම නවාස් නමැත්තා ලබා දුන් ඔත්තුවකට අනුව ඉකුත් 2017 වසරේදී රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරි පිරිස මත්ද්‍රව්‍ය වැටලීමක් ස`දහා පිළියන්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වූහ.

එහිදී එක් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර රංගජීව මහතා මාරාන්තික තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට සුවය ලැබීය. මෙම වෙඩි තැබීම තමන් විසින් සිදු කර වූ බව පසුව ‘මාක`දුරේ මධුෂ්’ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්ඡුාරණය කර තිබිණි.