පොලිසිය ත්‍රිවිධ හමුදාව STF එක්ව කළ විශේෂ මෙහෙයුමක් මෙන්න

Report

රටපුරා පැතිර යන මත්ද්‍රව්‍ය තර්ජනයට මුහුණ දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු උපදෙස් මත සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝජනයෙන් යුතු තවත් අදියරක විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (31) පැවැත්විණි.

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5,866ක් යොදවා තිබුණි.

මෙහිදී පුද්ගලයින් 23,321ක් පරීක්ෂා කිරීමටත්, වාහන 9,682ක් සහ යතුරුපැදි 6,661ක් පරීක්ෂා කිරීමටත් කටයුතු කර ඇත.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 1,107ක් අත්අඩංගුවට ගත් අතර, ප්‍රධාන මත්ද්‍රව්‍ය අපරාධකරුවන් 12 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

එමෙන්ම නීතිවිරෝධී ගිනි අවි 2ක් සහ විවිධ නීති උල්ලංඝන වලට සම්බන්ධ වරෙන්තුකරුවන් 423 දෙනෙකු ද මෙම මෙහෙයුම තුළින් අත්අඩංගුවට ගෙන ඇත.