පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදපැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ඇරඹේක්ෂ ක්‍රියාන්විතය ඇරඹේ
National Scout
By Thaya
පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.
කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කෙරිණ.
ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.
රට පුරා විසිරී සිටින 70,000 ට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගනී.
“තුරු” ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.