ජාතික හැදුනුම්පත් තොරතුරු ONLINE ක්‍රමයට....

Identity
By Thaya Mar 05, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

''තාක්ෂණය මත පදනම් වන සමාජයක්..ඩිජිටල් කරණය වු ශ්‍රී ලංකාවක්'' ගොඩ නැගීමේ සෞභ්‍යාගයේ දැක්ම යථාර්ථවත් බවට පත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව මගින් ජාතික හැදුනුම්පත් තොරතුරු මාර්ගගතව (online)තහවුරු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන ,සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ,බැංකු හා මුල්‍ය දුරකථන සේවා සපයන ආයතන ,රක්ෂණ සමාගම් යනාදී ආයතනවල සේවා අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේදී එම ආයතනවල සේවා ලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැදුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරිම (Data Authentication &Verification)මේ තුළින් අවස්ථාව සැළසෙනු ඇත.

ඒ අනුව පුද්ගල දත්ත මාර්ගගතව තහවුරු කර ගැනීමේ සේවාව ලබා ගැනීමට ශ්‍රීලංකා සුරැකුම්පත් විනිමය කොමිසන් සභාව(කොටස් වෙළදපල)ආගමන විගමන දෙපාර්තුමේන්තුව,ලංකා බැංකුව ,නේෂන් ට්‍රස්ට් බැංකුව ,ඩයලොග් මුල්‍ය ආයතනය,සම්පත් බැංකුව, ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා (State Bank of India) HSBC බැංකුව යන ආයතන සමග ගිවිසුම් ගතවී ඇති අතර ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව ,ශ්‍රී ලංකා රේගුව ,වරාය අධිකාරිය ,ජාතික ලොතරැයි මණ්ඩලය ,මහජන බැංකුව ,හැටන් නැෂනල් බැංකුව ,සණස සංවර්ධන බැංකුව ,වැලිබන් ෆිනෑන්ස් යනාදි ආයතන ඇතුලු තවත් ආයතන රැසක් සමග පිවිසුම් ගතවීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)තාක්ෂණික දායකත්වය සමග සිදු කරන මෙම වැඩපිළිවෙල ඔස්සේ පුද්ගල දත්ත ද්විත්ව වීම (Data Dupication) වලකා ගැනීමට මෙන්ම වංචනික ක්‍රියා වලක්වා ගැනීමට හැකියාව ලැබී ඇත. තාක්ෂණය සමග මුසුවු ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය තුළ පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදි හා විශ්වාසනීයව තහවුරු කරමින් විධිමත් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට සැපයීමට පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන අරමුණ බවද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.

Gallery