මාස 9ක් ‍සිරවී සිටි ගගනගාමී දෙපළ පෘථිවියට පැමිණීම ආරම්භ කරයි

By Dilasha Mar 17, 2025 06:30 PM GMT
Report

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට අධික කාලයක් සිර වී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන ගගනගාමීන් දෙපල මෙලෙස මාස 9කට අධික කාලයක් සිරවී සිට ඇත.

ස්පේස් එක්ස් ඩ්‍රැගන් නම් යානයෙන් ඔවුන් මෙලෙස පෘථිවියට පැමිණෙන්නේ තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමඟිනි.

තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බව පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 


‍ පුද්ගලයන් 200කට මරු කැඳවූ ඊශ්‍රායල ප්‍රහාරය

‍ පුද්ගලයන් 200කට මරු කැඳවූ ඊශ්‍රායල ප්‍රහාරය


කාන්තා 20යි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා

කාන්තා 20යි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා