නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියි - පැමිණිල්ල ජූලි 30 කැඳවන්න නියෝග

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල නැවත ජූලි මස 30 වන දින කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අනුව අඳාළ පැමිණිල්ල අද (29) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

රනිල් මැරෙන්න ඉද්දි බොරිස් ජොන්සන්ගේ පොත් කියවපු එකටත් බරපතළ චෝදනාවක් - ඒවත් පොදු දේපළ අවභාවිත කිරීම්ලු

රනිල් මැරෙන්න ඉද්දි බොරිස් ජොන්සන්ගේ පොත් කියවපු එකටත් බරපතළ චෝදනාවක් - ඒවත් පොදු දේපළ අවභාවිත කිරීම්ලු

එබැවින් පැමිණිල්ල නැවත ජූලි මස 30 කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කර ඇත.

මෙම විමර්ශනය සමාගමක් පවත්වාගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අයථා ආකාරයට උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පැවැත් වෙයි.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට අලුත් පුටුවක්

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට අලුත් පුටුවක්

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි