බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට විශේෂ දැනුම්දීමක් - ආවේ නැත්තම් නීතිය අකුරට
මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමට බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සිදු කරනු ලබන අහඹු පරීක්ෂණ මඟහරිමින් සිටින අයවලුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ අවධාරණය කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රධාන බස් නැවතුම් පොළේ දී අද (29) දින පැවැත්වෙන පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉල්ලක කරගෙන මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේදැයි සොයා බැලීමේ අහඹු පරීක්ෂණ මඟහරිමින් සිටින රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගැන විමසූ විටදීයි.
එහිදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කළේ එසේ මඟහරින රියදුරන් සහ කොන්දොස්තරවරුන් අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂාවට අහඹු ලෙසම ලක් කරන බවත් එය දිගින් දිගටම මඟහරින රියදුරන් සහ කොන්දොස්වරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ය.
තවද සභාපතිවරයා සඳහන් කළේ ජංගම පරීක්ෂණ රථ යොදාගෙන අද උදෑසන සිට පානදුර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී මෙම අහඹු පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ බවයි.
එහිදී මේ බව ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අනෙකුත් බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දීම හේතුවෙන් මෙම අහඹු පරික්ෂණය මඟහරිමින් සිටීමට සැළකිය යුතු පිරිසක් උත්සාහ ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.
පොදු මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදෙන කොන්දොස්තර සහ රියදුරු මහත්වරුන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේදැයි පරීක්ෂා කිරීමට සිදු කරනු ලබන අහඹු පරීක්ෂාව අද උදෑසන පානදුර බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගෙන ආරම්භ විය.
ඒ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්වයි.