සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට අලුත් පුටුවක්
ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට පත්ව ඇති බව වාර්තා වේ.
ඔහු මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවා මෙහෙයුම් මෙහෙයවූ නිලධාරියෙක් බව සඳහන්.
එසේම රොහාන් ඕලුගල මහතා මෑතකදී නේපාලයේ සැඟව සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිනියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුමට නායකත්වය ලබා දී තිබුණා.
වලාන දූෂණ මර්දන ඒකකය දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී මත්පැන් සහ සූදු පිටි වැටලීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම ඒකකයක් වන බැවින් එහි පරිපාලන සහ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා මෙම නව පත්වීම සිදු කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.