වේපත්අංග ගම්මානයේ නිවසක අද්භූත සිදුවීමක්(VIDEO)

WARIYAPOLA MYSTERIOUS EVENT WEPATHANGA VILLAGE INHUMAN INFLUENSES BLOOD
By Sewvandhi Apr 23, 2021 02:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වාරියපොල – වේපත්අංග ගම්මානයේ නිවසකට අමනුෂ්‍ය බලවේගයකින් බලපෑම් එල්ල වන බවට නිවැසියන් හා ගම්වාසීන් පවසනවා. නිවැසියන් පවසන්නේ දින 5 ක පමණ සිට අත්විඳින අද්භූත සිදුවීම් ගම් වැසියන්ද භීතියට පත්කර ඇති බවයි.

පසුගිය 17 වැනිදා සිට මෙම අමනුෂ්‍ය බලවේගය ඒල්ල වී ඇති බව පැවසෙන්නේ වාරියපොල – වේපත්අංග ගම්මානයේ පිහිටා ඇති නිවසකටයි. මේ හේතුවෙත් බියපත්ව ඇති ඒම ගම්මානයේ වැසියන් සොයා මෙලෙස ගමන් ආරම්භ කළා

. ඒහිදී හෙළිවුයේ අමනුෂ්‍ය බලපෑම ඒල්ල වී ඇති බව කියන නිවසේ මව, දියණිය, දියණියගේ සැමියා හා ඥාති දැරියක වාසය කරන බවයි. ඔවුන් අළුත් අවුරුදු සමයේ දිනකිහිපයක් නිවසෙන් බැහැරව සිට නැවත පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි. නිවසට පැමිණි අවස්ථාවේ ඔවුන් අද්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී තිබෙනවා.

ඇය පවසන්නේ එදින සිට දිනපතා නිවසේ විවිධ ස්ථානවලට ලේ කැටි වැනි යම් ද්‍රව්‍යයක් නිරන්තරයෙන් පතිතවන බවයි. මෙම සිදුවීම් හරහා ඇගේ විවාහක දියණියද දැඩි කම්පනයකට පත්ව සිටිනවා. නිවැසියන් පවසන්නේ දින 05 ක සිට තමන් මුහුණ දෙන මෙම අද්භූත සිදුවීම් තවමත් නිමා වී නොමැති බවයි.