මුතුරාජවෙළ යනු කොළඹ හා ගම්පහ ජනතාවගේ හදවතයි..

Muthurajawela
By Thaya Jan 09, 2021 08:50 AM GMT
Thaya

Thaya

Report

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල මහජනතාවගේ හදවතේ ගැස්ම රැඳී තිබෙන්නේ මුතුරාජවෙළ මත යැයි පරිසරය සම්බන්ධව විද්වතුන් පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පසුගියදා පවසනු ලැබීය.

මුතුරාජවෙළ සම්බන්ධව නිරීක්ෂණ හා පර්යේෂණ සිදු කළ විද්වතුන් පිරිසක් සමග අමාත්‍යවරයා පසු ගියදා සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එහිදී ඔවුන් මුතුරාජවෙළ සම්බන්ධව මෙසේ අදහස් පළ කළේය. මුතුරාජවෙළ ගැන පර්යේෂණ රැසක් සිදු කළා. මුතුරාජවෙළට අවුරුදු 7000කට වඩා එහා ගිය දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අවුරුදු 7000කට පමණ පෙර මුතුරාජවෙළ කියන්නේ මහා වනාන්තරයක්. ඒ වනාන්තරය ගිලා බැස තිබෙනවා. දැන් ඒ ගස් පීට් නැමැති ගල් අගුරු විශේෂයක් බවට පත්ව මුතුරාජවෙළ භූමියේ අභ්‍යන්තරයේ තැන්පත්ව තිබෙනවා. මුතුරාජවෙළ ගැන බටහිර පරිවර්තනවල සඳහන් වන්නේ “Swamp of the Royal Treasure” - නැතහොත් වගුරු බිමේ රාජකීය නිධානය යනුවෙන්.

සමහරු මේ තෙත් බිම් අභයභූමිය ඉවක් බවක් නැතිව ගොඩ කරනවා. ඒ මෙහි ඇති විද්‍යාත්මක පැත්ත නොදන්නා නිසා. පීට් කියන්නේ ඉහළ උෂ්ණත්වයක් සහිත

ගල්අගුරු විශේෂයක්. කොළඹ හා ගම්පහ භූගත ජල ආස්තරණය මුළුමනින්ම පිරිපහදු කරන්නේ මුතුරාජවෙළ තිබෙන මෙම පීට් ගල්අගුරු ස්ථරය මගින්. ඒ ගල්

අගුරු හැදිලා තියෙන්නේ අවුරුදු 7000කට පෙර ගිලා බසින ලද මහා වනාන්තරයේ තිබු දැව කඳන් වලින්.මේ ඉවක් බවක් නැතිව සිදු කරන ගොඩ කිරීම් නිසා භූමිය

අභ්‍යන්තරයේ ගිනි ගැනීමක් වුවත් ඇතිවෙන්න පුලුවන්. එහෙම ගින්නක් ඇතිවුනොත් ඒක පුත්තලම දක්වාම පැතිරේවි යයිද එම විද්වතුන් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මම පුද්ගලිකව ම මේ ගොඩකිරීම් හොයා බලන්න ගියා. කොළඹ නිවාසවලින් කඩාබිඳ දමන

අපද්‍රව්‍ය ඔක්කොම බැහැර කරන්නේ මුතුරාජවෙළට. එහි තිබු යකඩ කර්මාන්ත ශාලාවක පරිසර බලපත්‍රයත් මම තහනම් කළා. ඒ වගේම මුතුරාජවෙළට බැහැර

කරන්නට අබලි ද්‍රව්‍ය ගෙන ආපු ටිපර් රථ පහක් අත් අඩංගුවට ගන්න කියළා මම බෝපිටිය පොලිසියේ ඉහළ නිලධාරියෙකුට උපදෙස් දුන්නා. පස්සේ මට ආරංචි

වුනා එම නිලධාරියාත් මේ ගොඩ කිරීම් පසුපස සිටින බව. එමනිසා මෙම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාටත් පැමිණිළි කළා. නමුත් තවම ඒ නිලධාරියා සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැහැ. කොහොම වුනත් මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කලයුතු එකම දෙය නම් නැවතත් මැණුම් කටයුතු කර මුතුරාජවෙළ තෙත් අභය මියට අයත් බූමි ප්‍රමාණය හඳුනාගෙන ගැසට් කිරීම . එම සීමාව තුළ තිබෙන සියලුම අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ හැකියාව එවිට ලැබෙනවා යයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.