මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. තම්බින්ගෙන් සල්ලි ගත්තා කියා මගෙ තට්ටෙ පලන්න එන්න එපා..- කොටුවෙ පොඩු හාමුදුරුවෝ..

Corona
By Thaya Dec 27, 2020 11:24 PM GMT
Report

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවස්ථාව දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නය අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යා යුතු නැති බවයි.

මෙසේ පැවසුවා කියා ‘තම්බින්ගේ සල්ලි අරන් ගත්තා, තට්ටෙ පලනවා..’ යැයි කියනු ඇති වුවද තමන් බය නැතුව මෙය ප්‍රකාශ කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.