ඝාතක SIගේ තවත් CCTV දර්ශන කිහිපයක් හමුවෙයි(VIDEO)..තරුණියගේ හිස එහි රැගෙන යයි?..

Police Ajith Rohana
By Thaya Mar 05, 2021 07:38 PM GMT
Thaya

Thaya

Report

කාන්තාවක් ඝාතනය කර බෑගයක දමා තිබියදී හමුවූ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශන කෙරෙන බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ තවත් CCTV දර්ශන කිහිපයක් ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ. ඝාතක උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 1 වනදා සවස 4.10ට පමණ කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් මොනරාගල දක්වා ධාවනය වන බස් රථයකට නැග තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ අදාළ බස් රථය එදින රාත්‍රියේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී ආහාර ගැනීම සඳහා නවතා ඇති බවය.

රාත්‍රී 11.30ට පමණ බුත්තල නගරයෙන් ඔහු බස් රථයෙන් බැස ඇති බවට ද අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධ ඇතැම් CCTV දර්ශන මේ වනවිට ලැබී ඇති බවත් ඒ ඔස්සේ පොලිස් විමර්ශන සිදු කෙරෙන්නේ ඔහු පැළඳ සිටින බෑගයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිස තිබුණේ දැයි අනාවරණය කරගැනීමේ අරමුණින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.