මුරලිදරන් ගෙන් ෆොන්සේකාට අමතක නොවන දුස්රාවක්..
Sarath Fonseka
By Thaya
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද තම නීතිඥයන් මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා මහතා විසින් මෑතකදී කොළඹ පැවති ජනහමුවකදී පැවසීය. ඒ හේතුවෙනුයි මුරලිදරන් විසින් මෙලෙස ෆොන්සේකා මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා ඇත්තේ.