මුරලිදරන් නඩු දමයි.. ඇමති නාමල්ට සිතාසි..

Namal
By Thaya Feb 15, 2021 06:41 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක‍්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එහි විශායක නිලධාරීන් පහළොස් දෙනෙකුට එරෙහිවයි. ඔවුනට එළැඹෙන මාර්තු 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු ක‍්‍රීඩකයන් හා හිටපු පරිපාලකයන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පත්කරන ලද කමිටුවේ ද මුරලිදරන් සාමාජිකයෙකි. පැමිණිලිකරුවන් ගේ පෙත්සමේ සඳහන් වන්නේ වත්මන් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම විශාල වශයෙන් සිදුවන නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බවකි.