රන්ජන් සාධාරණයක් වන තුරු කළු සාටකයක් කර මත දරන මන්ත්‍රී හරින්..

Ranjan Ramanayake MP Harin
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

සිරදඩුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටුවනතුරු තමන් අඛණ්ඩව පාර්ලිමේන්තුව තුල කලු සාටකය පළදින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා අද පාර්මිමේන්තුවේදී සදහන් කලා.

සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රිවරයා අද මේ බව සදහන් කළේ.

රජය විසින් පසුගිය මාස කිහිපය තුල නිකුත් කර ඇති ගැසට් නිවේදන කිහිපයක් පිළිබදවයි අද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙන්නේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර හරින් ප්‍රනාන්දු මහතා යෝජනාව ස්ථිර කළා.