ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මරුට - CCTV දර්ශන සහිතයි

Accident
By Thaya Jan 14, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ එකම දිශාවට ධාවනය වූ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.