පුතුගේ මනාලියගේ උපන් ලපය දුටු ‘මව’ ඇයගේ නැති වූ දියණිය බව සොයාගනී

China
By Thaya Apr 09, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

මීට වසර 20කට පමණ පෙර තම දියණිය අහිමි වූ නැගෙනහිර චීනයේ කාන්තාවකට නොසිතු ලෙස ඇය යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මාර්ගය අසළ සිටියදී ඇයව කිසිවකු හෝ රැගෙන ගොස් ඇති බවටයි විශ්වාස කර සිටියේ. දියණිය අතුරුදන් වී අවුරුදු 20කට පමණ පසු පසුගිය මාර්තු 31 වෙනිදා ඇගේ වැඩිමහල් පුත්‍රයාගේ විවාහ උත්සවයේදී නොසිතු දෙයක් සිදුව තිබෙනවා. ජියැන්ග්සු පළාතේ සුෂෝ හි පැවති පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදී මනාලියගේ අතේ තිබු උපන් ලකුණක් කාන්තාව දුටු විට එය ඇගේ දිගු කලක් අහිමි වූ තම දියණියට සමාන වූ ලකුණක් බව ඇයට හැඟී ගොස් තිබුණා.

මෙම කාන්තාව, “මනාලියව දරුකමට හදා ගත්තේ”දැයි මනාලියගේ දෙමව්පියන්ගෙන් විමසා තිබෙනවා. ඇගේ කතාව සහ සමාන උපත් සලකුණු පැහැදිලි කිරීමෙන් පසුව මනාලියගේ දෙමව්පියන් තම දරුවා දරුකමට හදාගත් බව සනාථ කර ඇති අතර ඉන් අනතරුව අනෙක් විස්තරද සොයා බැලීමේදී අනාවරණය වි ඇත්තේ ඇය අතුරුදන් වූ දියණිය බවයි. චීන සමාජ මාධ්‍යවල වේගයෙන් ව්‍යාප්ත වන මෙම සිදුවීමේ ඡායාරූපවල මනාලිය හඬමින් දිගු කලක් සොයාගත නොහැකිව සිටි මවව තදින් වැළඳගෙන සිටිනු දක්නට හැකිවෙනවා.