ඔන්ලයින් පන්තියට උපකාර කළ අම්මා විදුලිසැර වැදී ජිවිතක්‍ෂයට

Police
By Thaya Jan 18, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

සිය නිවසේ ඉදිරිපස කාමරයේ දී විදුලිසර වැදී මිය යන්නට ඇතැයි සැකකරන කාන්තාවකගේ මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාඇළ පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සැමියා නිවසේ ඉදිරිපස කාමරයේ වැටී සිටින අයුරු දැක ඇය වහාම ජා-ඇළ රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇත. නමුත් ඒ වනවිටත් කාන්තාව මියගොස් සිට ඇත. සිය දියණියගේ හා තවත් දැරියකගේ ඔන්ලයින් පන්තියට සහය දෙමින් සිට ඇති මියගිය කාන්තාව කිසියම් කටයුත්තක් සඳහා නිවසේ ඉදිරිපස කාමරයට ගොස් තිබේ. ඔන්ලයින් පන්තියට සහභාගි වෙමින් සිටි හතර වසරෙහි අධ්‍යාපනය ලබන දියණිය එහි කිසියම් තාක්ෂණික ගැටලුවක් ඇති වී මව සොයා ඇත. පසුව මිය ගිය අයගේ ස්වාමිපුරුෂයාද ඇයව සොයා ඇති අතර එහිදී කාන්තාව ඉදිරිපස කාමරයේ වැටී සිටින අයුරු දැක ඇති බව පැවසේ.

ඇයගේ අතෙහි විදුලිසර වැදීමෙන් පිලිස්සුණු බවට සැක කෙරෙන ලකුණුද තිබී ඇති බවද අනාවරණය වේ.

මියගිය අයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.