තිදරු මවක් ඝාතනය කෙරේ.. සැමියා සැක පිට අත්අඩංගුවට

Arrest
By Thaya Jan 19, 2021 04:56 PM GMT
Report

කිලිනොච්චිය පූනකරී පොලිස් වසමේ තෙලිගරෙයි ප්‍රදේශයේ නිවසක් තුල ඝාතනය කෙරුණු කාන්තාවකගේ මළ සිරුරක් තිබී ඊයේ (17) දින සොයාගත් බවට පූනකරී පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ තිදරු මවක් වන අතර ඇගේ ගෙල කිසියම් තියුණු ආයුධයකින් කැපීම නිසා ඝාතනය වී ඇති බවටත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටද පොලීසිය සැක පල කරසිටියි.

කෙසේ වෙතත් අදාල ඝාතනයෙන් පසුව කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇත.

මෙලෙස ඝාතනය වී ඇත්තේ තෙලිගරෙයි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිදරු මවක් වූ ආර්. ක්‍රිෂ්ණකුමාරි වන අතර පූනකරි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.