මුන්නේෂ්වරමේ කාලි මෑණියෝ හොරු අරන් ගිහින්

mother kali
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

හලාවත – මුන්නේෂ්වරමේ පිහිටි සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා “පස් ලෝ’’ දේව ප්‍රතිමාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය කියයි.

29 වැනිදා අලුයම 1.30ට පමණ මෙම සොරකම සිදු කර ඇති බව දේවාලයේ භාරකරුවන් විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් නිසා ඊට අදාළ නඩුව හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (31 වැනිදා) විභාග කිරීමට නියමිතය.

එක් පාර්ශ්වයකට දේවාල භූමියට ඇතුළු වීමටද තහනම් කර ඇති බව පොලිසිය පවසයි. දේවාල භූමියේ ඉදිකර ඇති දේව මණ්ඩපය තුළ තැන්පත් කර තිබී ඇති බවද පැමිණිල්ලේ සඳහන්ය. මෙම දේවාලයේ තැන්පත් කර තිබූ දේව ප්‍රතිමාවක් මීට පෙරද කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි.

ReeCha