මව පියා සහ බාල පුතා එක්ව ‘ වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා දමයි – හිස කඳින් වෙන්කර ගනී

Crime Police
By Thaya Feb 16, 2021 07:03 PM GMT
Thaya

Thaya

Report

සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ එම පවුලේම මව සහ පුතෙකු මන්නා පිහියක්ද සමඟ ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය සඳහන් කළා. ඝාතනයට ලක් වූයේ මීගහතැන්න බෝතලාව කහටගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ඩී. ශාන්ත කුමාර හෙවත් සම්පත් නමැති (37) නමැත්තෙකි. සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මියගිය පුද්ගලයා පෙරේදා (14) දහවල් යතුරුපැදියකින් සිය නිවෙසේ සිට පැලවත්ත නගරයට යෑමට පිටත්වෙද්දී ඔහුගේ නිවෙස අසල දී මව සහ පියා පැමිණ යතුරුපැදිය නතර කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

බියට පත්වූ යතුරුපැදිකරු, යතුරුපැදිය එම ස්ථානයේ දමා ඒ ආසන්නයේ වෙල්යාය හරහා දිව ගොස් ඇති අතර ඔහුගේ පියා සහ මල්ලී තියුණු ආයුධයක් රැගෙන ඔහු පසුපස හඹා ගොස් අත් දෙක වෙන් වන සේ තියුණු ආයුධයකින් කපා හිසට ද පහර දී වෙන්කර මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිදු වූ ඝාතනය කලක සිට පවුලේ පිරිස අතර පැවත එන ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය සඳහන් කළා.