ඊයේ වැඩිම කොවිඩ් ආසාධිතයන් රත්නපුර දිස්ත්‍රික්කයෙන්
Covid-19
By Thaya
ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් 460 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය 62 ක්. යාපනයේ 59 ක් / ගම්පහ 51 ක් / මහනුවර 50 ක් / කොළඹ 40 ක් / මාතර 35 ක් / ගාල්ලේ 21 ක් / අනුරාධපුර 18 ක් සහ කුරුණෑගල 17 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
බදුල්ලේ 16 ක් / නුවරඑළියේ 12 ක් / හම්බන්තොට 10 ක් / කලුතර 09 ක් සහ කෑගල්ලේ 07 ක් ඊයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතර වනවා. මාතලේ – පුත්තලම – වව්නියාව දිස්ත්‍රික්වලින් ආසාධිතයන් 03 දෙනා බැගින්ද / අම්පාර – පොළොන්නරුව – ත්‍රිකුණාමලය – මන්නාරම දිස්ත්‍රික්වලින් ආසාධිතයන් දෙදෙනා බැගින්ද මොණරාගල එක් ආසාධිතයෙකුද විදේශයන් හි සිට පැමිණි ආසාධිතයන් 35 දෙනෙකුද ඊයේ ආසාධිතයන් අතරට අයත්.