පාන්දර ආ වෙඩික්කරු - CCTV දර්ශන සහිතයි (VIDEO)

cctv morning shooter footage
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Thaya

Thaya

Report

අම්පාර - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ පිහිටි මෝටර් රථ අලෙවිසැළකට අද (11) අලුයම පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අලුයම 3.00ට පමණ ස්වයංක්‍රීය ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි අම්පාර පොලීසිය පවසයි.

පොහොර උරයක් තුළ ගිනි අවිය සඟවා ගෙන පැමිණි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර එම ස්ථානයෙන් පළා යන අයුරු සීසීටිවී කැමරාවක ද සනිටුහන්ව තිබුණි. වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර, අම්පාර පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

“අද වෙඩි තැබීමෙන් එම මෝටර් රථ අලෙවිසැළේ ඉදිරිපස වීදුරු සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇති බවත්, අලෙවි කිරීමට තිබු මෝටර් රථයකට හා ලොරි රථයකට ද වෙඩි වැදී ඇති බවත්ය.