විදේශයන්හී සිට තවත් 500කට වැඩි පිරිසක් දිවයිනට

return to country
By Thaya Jan 12, 2021 11:36 PM GMT
Report

විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 471 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

සවුදි අරාබියේ සිට 100දෙනෙක් / කටාර් සිට 81 දෙනෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 290 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර විදේශයන්හී සිට තවත් 40කට වැඩි පිරිසක් අද දිනය තුල දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මාලදිවයිනේ සිට 36 දෙනෙක්ද, පකිස්ථානය / තුර්කිය සහ ජර්මනියේ සිට පැමිණෙන පිරිසක්ද ඊට අයත්.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73 ක් තුල පුද්ගලයින් 5961 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.