මෙරට කොරෝනා එන්නත දුන් පිරිස ලක්ෂ 05 ඉක්මවයි.

Covid-19 Corona Vaccine
By Thaya Mar 02, 2021 06:27 PM GMT
Thaya

Thaya

Report

මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී තිබේ. ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් 42, 925ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක් වේ. මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වන දින ආරම්භ කෙරුණි. මෙහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කළ අතර පසුව එය සාමාන්‍ය ජනතාවටද ලබාදීමට රජය පියවර ගත්තේය. කෙසේවෙතත් ඉන්දීය රජය විසින් පසුගියදා මෙරට ජනතාවට ලබාදීම සඳහා තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 05 ක ප්‍රමාණයක් ලබාදෙනු ලැබීය.