අද එක වර සොයා ගත් ආසාදිතයන් ගණනත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

covid19 corona
By Thaya Dec 25, 2020 11:26 AM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනවයේ හඳුනාගෙන තිබේ.

ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.

ඒත් සමගම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 39,045කි.