සැලූන් හිමිකාරියකටත් කොවිඩ් ආශ්‍රිතයන් 250 කටත් අදිකයි
කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඒ අනුව ආසාදිත දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් නගරයේ වෙළෙඳුන් ඇතුළු 250 දෙනෙක් අද (26) PCR පරීක්ෂණවලට යොමුකර ඇත.
මේ වනවිට එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 100කට අධික ගණනක් හඳුනාගත් බව වාර්තා වේ.
මේ අතර, බදුල්ල සතොස වෙළෙඳ සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය අලෙවිසැළේ මුදල් අයකැමිවරයාටත් කොවිඩ් -19 ආසාදනය වීම නිසා එම වෙළෙඳසැල් අද වසා දැමුණි.
එමෙන්ම බදුල්ලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ සිසුවියකට සහ බදුල්ල ධර්මදූත විදුහලේ 7වන ශ්‍රේණියේ සිසුවෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.
තවද, මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පුද්ගලයින් 200 දෙනෙකු තෝරාගෙන අද PCR පරීක්ෂණ 100ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100ක් ද සිදුකර ඇත.
ඇන්ටිජන් පරීක්ෂාවෙන් පුද්ගලයින් තිදෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි අනාවරණ විය