මෙරට දිනක කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි...එය උපරිමය වන දිනය මෙන්න.

Covid America Sri lanka Covid death Woshintan university
By Aruna May 10, 2021 07:51 AM GMT
Aruna

Aruna

Report

අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය.

ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය වීමට ඉඩ ඇති බවය.

එම කාලය වන විට දෛනික කොවිඩ් මරණ ගණන 200ක් පමණ දක්වා ඉහළයා හැකි බව ද එම සමීක්ෂණ ආයතනය පවසයි.

එහි උපරිමය ජුනි 14 වනදා වාර්තා විය හැකි බව එම සමීක්ෂණ ආයතන ය පවසයි.

එදින මරණ 264ක් වාර්තා වීමට ඉතා ඇති බව එහි දැක්වේ.

ඉන් අනතුරුව දෛනික කොවිඩ් මරණ ක්‍රමයෙන් පහළ ගොස් සැප්තැම්බර් 01 වනදා වනවිට 88ක් පමණ වනු ඇති බව එම ආයතනය නිකුත් කළ ඇති දත්ත අනුව පෙනී යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now