කොවිඩ් අවදානම හේතුවෙන් එක්ලක්ෂ දහසය දහසකට වඩා වැඩි පිරිසක් නිරෝධායනයේ

Covid-19 Quarantine
By Thaya Jan 16, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්19 අවදානම හේතුවෙන් දිවයින පුපුරා නිවෙස් හා මධ්‍යස්ථාන වල එක්ලක්ෂ දහසය දහස් දෙසිය තිස් අටක්නිරෝධායනය වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් ගණන 683කි.ඉන් 349දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

කොළඹ 147ක් වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ආසාදිතයින් 15වාර්තා වන තත්ත්වයකයි.

කලුතර ආසාදිතයින් 34යි.

ගම්පහ ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්කය වන අතර මීගමුවෙන් 41ක් වාර්තා වීමත් සැලකියයුතු තත්ත්වයකි.

මහනුවරින් 90ක්, මන්නාරමින් 20ක් ද ඊයේ වාර්තා විය.මන්නාරම මෙරට මෙතෙක් අඩුම ආසාදිතයින් වාර්තා වන දිස්ත්‍රික්කයකි. එහිමෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් සමස්තය 46කි.

මීට අමතරව ගාල්ලෙන් ද ආසාදිතයින් 34දෙනෙකු වාර්තා වී තිබේ.