පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරුණු හිමිනම සමාව ඉල්ලයි

Religion Gossip
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Report

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක බව කියවෙන හිමි නමක් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එහිදී අදාළ හිමිනම අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පුද්ගලයකුට පහර දීමට උත්සාහ දරන අකාරය ද එම වීඩියෝවේ දැක්වෙනවා. මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම සිය කලහකාරී බව දිගටම පවත්වාගෙන යන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. කෙසේ නමුත් මෙම සිදුවීමට සම්බන්ධ ස්වාමින්වන් වහන්සේ වන වීරකැටියේ සංජය නම් හිමියන් මෙම සිදුවීම සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවක් සමග එක්වෙමින් හෙළිකර සිටියා. තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් සමාව අයදින බවත් බුද්ධ චීවරය ඇද නොසිටියේ ඊට අගෞරව කිරීමට තමන් නොකැමැති නිසා බවයි. මෙම සිදුවීමට මුලික හේතුව වුයේ විහාරස්ථානයට හිමි ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් අතර ඇතිවූ සිදුවීමක් නිසා බවයි එම ස්වාමින් වහන්සේ සඳහන් කර සිටියේ. හිමිනම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි දෙවැනි වරට සැරි සරන වීඩියෝව මෙන්න.