අබලන් බස්රථ තොගයක් නවීකරණය කොට ධාවනයට
Buses
By Thaya
මගී ප්‍රවාහනට අවශ්‍ය බස් රථ හිගයට පිළියමක් ලෙස අබලන්වු ලංගම බස්රථ 273 ක් අලුත් වැඩියා කොට මගී ප්‍රවාහන පද්ධතියට ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ ගාලු වුවදොර පිටියේදී එක් කෙරිණ.
දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ.බිද වැටී තිබූ ආර්ථිකය යලි ගොඩනැගීම සදහා නව රජය බලයට පත්වු පසු වාහන ආනයනය සීමා කරනු ලැබීය .ඒ නිසා මගී ප්‍රවාහනය සදහා අවශ්‍ය බස්රථ හිගයක් ඇතිවීය.ඊට පිලියමක් ලෙස ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මගින් බස්රථ ආනයනය සදහා වැයවන විනිමය ඉතිරි කරගැනීමට හැකිවෙයි.



