ජායාරූප‍යෙන් සැමියා හඳුනාගත් බිරිය වසර 21කට පසු රෝහලට

Srilanka
By Sithumi Jul 20, 2021 05:09 PM GMT
Report

භාරකරුවකු නොමැතිවීම නිසා කදාන ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් පසු වසර 21 කට පෙර එම අතුරු දහන් වූ සැමියා සොයා බිරිය පැමිණ තිබේ.

මේ බව ආනියාකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙලෙස අතුරුදන්ව සිට ඥාතීන් විසින් හඳුනා ගෙන තිබෙන්නේ ගනේවත්ත පාර කුරුවාව රත්තොට මාතලේ පදිංචි ව සිටි කේ. ජි. පියසේන නමැති 70 හැවිරිදි පුද්ගලයෙකි. 

 එම  රෝගියා භාරකරුවකු නොමැතිව ඇතුලත්කර තිබීම හේතුවෙන් එම පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේ හෙදි නිලධාරිනියක ඔහු හදුනාගැනීම සදහා මුහුණු පොතේ ජායාරූපයක් පල කර තිබිණ. 

අනතුරුව ජායාරූප‍යෙන් සැමියා හඳුනාගත් ඔහුගේ බිරිය ආනියකන්ද රෝහලට පැමිණ සිය සැමියා හඳුනාගෙන ඇත. පදයෙහි විශාල තුවාලයක් සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා නිසි මතක තත්ත්වයක නොමැත්තෙකු බව ද පැවසේ