කොන්සියුලර් අංශයෙන් නිවේදනයක්
covid 19
health guide
consiyuler
international affais
immediate cases
By Sewvandhi
පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ ධාරිතාවය සීමා සහිත විය හැකි බව දන්වා නිවේදනයක් නිකුත් කර ඇත.
එබැවින්, ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි/අව්‍යාජ අවශ්‍යතා සඳහා ලබාදෙන සේවා වලට ප්‍රමුඛතාවයක් ලබාදෙන බව දන්වා තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛන හා අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමකින් සිදු කළ වෙන්කර ගැනීමකින් පමනක් බව කොන්සියුලර් කටයුතු අංශය දැනුම් දෙයි.
එසේ පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගැනීම සඳහා දුරකථන අංක- 0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ consular@mfa.gov.lk විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් සිදු කරගත හැකිය.