ආණ්ඩුව රකින්න ඇමතිලා බේගල් ඇදබානවා.. ජනතාවට සසර කලකිරිලා…

Government
By Thaya Apr 04, 2021 03:49 PM GMT
Thaya

Thaya

Report

ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් බොරු බේගල් ඇදබාන බවත් ජනතාවට වග නොකියන බවත් දැන් සක්සුදක් සේ පැහැදිලි වී තිබෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති. ඇෆ්ලටොක්සින් නැමැති පිලිකාකාරක පොල්තෙල් වල සිට මෙරට එදිනෙදා භාවිතා කරන බොහෝ ආහාර ද්‍රව්‍ය අන්තර්ගතව ඇතැයි සනාථ වී තිබුනත් රජයේ ඇමතිවරුන් එහි වගකීම භාර නොගෙන බෝලය පස් කරමින් සිටින බවද උන්වහන්සේ පවසති. මේ හේතුවෙන් ජනතාවට මරණය අතින් ගෙන ගෙන ජීවත් වීමට සිදු වීම ‘සසර කලකිරීම’ ක් බවද උන්වහන්සේ කියා සිටී. සෑම අතකින්ම අසාධාරණයට ලක්ව සිටින ජනතාව අද ජීවිකාව ගෙන යන්නෙ ඉතාම අමාරුවෙන් බවත් කිසිදු පාලකයෙකු ඔවුන් වෙනුවෙන් පෙනී නොසිතන බවත් පවසන උන්වහන්සේ බලය ලබා ගැනීමට කළ කළ කතා අද අමතක කිරීම ගුණමකුකම බව ද සඳහන් කරති.