භාග්‍යා සමග ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට රතු එළියක්..

Vasudeva Nanayakkara Sirasa TV
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Report

සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමැතිවරයා පවසයි. වනාන්තරය කැපීම අපේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව ද පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව පැවසීය. මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.