මා මරණ මංචකයේ සිටයි ගොඩ ආවේ.. කොරෝනා ආසාදනය ගැන සෞඛ්‍ය ඇමතිනී රූපවාහිනියේදී හැගුම්බර වෙයි..

Covid-19
By Thaya Mar 10, 2021 07:17 PM GMT
Report

කොරෝනා වෛරසය ආසාදනය වූ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත‍්‍රයකද සහාය ලබා දුන් බවත් එහි දක්නට ලැබුණු දර්ශක අනුව තම ජීවිතය බේරා ගැනීම ඉතාම අසීරු තත්වයක පැවති බවද ඇය සඳහන් කරන්නීය. කෙසේ වෙතත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ ආත්ම ශක්තිය මගින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වු බවද ඇය පැවසීය. තමාට මෙලොව හැරදා යාමට නොහැකිව තිබුණේ තම දියණියන් දෙදෙනා බවත් ඔවුන් මේ වන තෙක් විවාහ වී නැති බවත් ඇය සදහන් කළාය. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.