අනතුර දැක දැක රෝද හතරේ වාහන වලින් පලා යන සිත් පිත් නැති මිනිස්සු

Accident
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Thaya

Thaya

Report

උඹේ කරුමෙට එක ත්‍රීවීල් කාරයෙක් ආවේ නෑ ඔය පාරේ. ආවනම් උඹ තාම ජීවත් වෙනවා. මිනිස්සු වගේ ඉන්න මහ අමනුස්සයෝ ඉන්න එකම රට ලංකාව.. කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මාලිගාපිටිය ප්‍රදේශයේදී පසුගිය දිනෙක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් මේ යතුරු පැදියෙන් පැමිනෙන පුද්ගලයා මාර්ගයේ ඇද වැටි ඔහු සැහෙන වේලාවක් මාර්ගය මැද ඉතා අපහසුවෙන් නැගිටිමට නොහැකිව වේදනාවෙන් සිටි මොහොතක බෞද්ධ කියන මේ රටේ විශාල වාහන ප්‍රමාණයක් ඒ අසලින් ගමන් කලද කිසිදු පුද්ගලයෙක් මෙම පුද්ගලයාට උපකාර කිරිමට පැමි‍ෙණන්නේ නැත. සැහෙන වේලාවකින් පසු ඔහු එතනින් නැගිටින්නේ ඉතා අපහසුවෙන්. ඔහු පාර මැද සිට ගන්නේ දැඩි ක්ලාන්ත ගතියෙන් ඒ මොහොතේ ටිපර් රතයක් ඔහු නොදැක්කා සේ ඔහුව යටකරන් යන්නේ සිත් පිත් නැති සේය. මෙම අනතුර ඔහුට සිදු වු අවස්ථාවේම ඒ අසලින් ගමන් ගත් රෝද හතරේ එක් වාහනයක් උපකාර කලානම් මෙවන් විපතක් නොවේවි.